Wednesday, December 31, 2014

ඇරයුමයි........

දුක සැප වේදනා මිනිසට උරුම වුන
ජීවන ගමන තුල ගලනවා හතර කොන
විදවන්නේ මොටද කවියේ රසය ගෙන
සීගිරි පව්ව තුල කැටයම් කරනු මැන


සදැස් සමග නිසදැස් බේදයක් නැත
අරුතින් උසස් නම වටිනා කමක් ඇත
කාටත් විදින්නට අදහස් වලින් මත
සීගිරි පව්ව  ඔබ වෙනුවෙන් ඇරෙණු ඇත

ආධුනික කවි කිවිදිය තුරුණු වියේ
ඔබ වෙයි රටට මිණි පහනක් නිබද දැයේ
රස වින්දනය ලැබගෙන මෙත්පිරුණු ලයේ
කවියේ උසස් කම අද හැම තැනම ගැයේ

- සිරිල් සෙනෙවිරත්න

No comments:

Post a Comment